Home World News Room : යුද ගැටුම් නිමා කිරී­මට උත්සාහ නොකළ බවට ට්‍රම්ප්ගෙන් යුක්රේ­න­යට...

News Room : යුද ගැටුම් නිමා කිරී­මට උත්සාහ නොකළ බවට ට්‍රම්ප්ගෙන් යුක්රේ­න­යට දොස්

0
0

රුසි­යාව සමඟ පව­තින යුද ගැටුම් සම්බ­න්ධව ඩොනල්ඩ් ට්‍රම්ප්  යුක්රේන ජනා­ධි­පති වොලො­දි­මිර් සෙලෙ­න්සිට චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා මේ චෝද­නාව එල්ල කර ඇත්තේ යුක්රේන යුද අර්බු­ද­යට විස­ඳුම් සෙවීම සඳහා අමෙ­රි­කානු සහ රුසි­යානු ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් අතර සෞදි අරා­බියේ රියාද් නුව­රදී පළමු වටයේ සාක­ච්ඡාව අව­සන් වීමෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි සිය වතු­යා­යේදී මාධ්‍ය හමු­ව­කට එක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් රුසි­යාව සහ යුක්රේ­නය අතර යුද්ධය අව­සන් කිරි­මට තමාට හැකි බවත්, මේ වන­විට සාකච්ඡා සාර්ථ­කව පැවැ­ත්වෙන බවත් සඳ­හන් කර තිබේ.

සෞදි අරා­බියේ පැවැති සාක­ච්ඡාව සඳහා යුක්රේ­න­යට ඇර­යුම් නොකළ බවට සෙලෙන්ස්කි විසින් එල්ල කරනු ලැබූ චෝද­නා­වට ද ජනා­ධි­පති ට්‍රම්ප් ප්‍රති­චාර දක්වා ඇති අතර, එම යුද ගැටුම් අව­සන් කර­ගැ­නී­මට යුක්රේ­න­යට වසර 3ක කාල­යක් තිබූ බවත්, යුක්රේ­නය ඒ සඳහා උත්සාහ නොගත් බවත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. යුක්රේ­නයේ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්විය යුතු බවට යුද ගැටුම් අව­සන් කිරීම සඳහා රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් ඉදි­රි­පත් කර ඇති කොන්දේ­සි­යට ට්‍රම්ප් එක­ඟ­තාව පළ කර ඇති අතර, මේ මස අග භාග­යේදී රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා මුණ ගැසීමේ බලා­පො­රො­ත්තු­වෙන් පසු­වන බව වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here