18
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සංවිධාන කළ මධ්‍යම පළාත් වර්ණ ප්‍රදානොත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
මහනුවර නගරයේ සියලු ප්‍රධාන පාසල් මේ වර්ණ ප්‍රදානයට ඇතුළත් වූ අතර, පිට පිට තුන්වන වරටත් වත්තේගම අධ්‍යාපන කලාපය ක්‍රීඩා ක්ෂේත්රයේ විශිෂ්ටතම අධ්‍යාපන කලාපය ලෙස ශූරතාව හිමිකර ගත්තේය. එහි කලාප අධ්‍යාපන අධ්යක්ෂ තරංගා ගුණරත්න මහත්මිය වූ අතර, වසරේ දක්ෂතම පුහුණුකරුට හිමි සම්මානය ආසියානු පදක්කම් දිනූ තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු ක්‍රීඩා අධ්යක්ෂ සුසන්ත ප්‍රනාන්දු මහතාට පිරිනැමිණි.