9
මෙවර අය-වැයෙන් රජයේ සේවකයන්ගේ අවම වැටුප වැඩි කරන බව පැවසුවත් අප්‍රේල් මස ගෙදර ගෙන යන වැටුප් වැඩි වීම ඍණ අගයක් ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එකමුතුව කොළඹදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී රත්නප්‍රිය මහතා මෙසේ ද කීය.
“මෙම සතියේ විශේෂ සිදුවීම් ගණනාවක් සිදු වුණා. අය-වැය ඉදිරිපත් කළා, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ සිද්ධිය, ලෝක දූෂණ දර්ශකයේ අප රට ඉදිරියට පැමිණියා, පොලීසියේ ස්ථාන මාරුවීම් සිදු කළා, දේශපාලන පළිගැනීම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් වුණා, හමුදාවේ පාස්පෝට් අත්අඩංගුවට ගැනීම සිදු වුණා. මේවා දිහා බැලූවිට රට යන්නේ කොයිබටදැයි ප්‍රශ්නයක් ඇති වෙනවා.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අය-වැයේ සාධනීය මෙන්ම ගැටලුකාරී කරුණු තිබෙනවා. සහන කිහිපයක් දී තිබෙනවා. ශ්‍රීලන්කන් වැනි අසාර්ථක ව්‍යාපෘතියකට බිලියන දෙකක් වෙන් කර තිබෙනවා. එය අපරාධයක්.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට මහජන බදු මුදල් වෙන් නොකරන බව මුලින් කිව්වත් අය-වැයෙන් බිලියන පහක් වෙන් කර තිබෙනවා.
කිසිම ආණ්ඩුවක් නොකළ විදියට ඉන්දියාවෙන් හාල් ආනයනය කරන්න රුපියල් 65ක බද්දක් පැනවුවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හාල් ආනයනයට බදු ගැහුවේ නැහැ.
රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව මහ ඉහළින් කිව්වත් එසේ වෙන්නේ නැහැ. රුපියල් 40,000ක් දක්වා අවම වැටුප වැඩි කරන බව කිව්වත් එසේ වෙන්නේ නැහැ. 2027දී වෙන දෙයක් තමයි මෙවර අය-වැයෙන් කියලා ලොකු ප්‍රදර්ශනයක් කළා. වැටුප් වැඩි වෙන විට වැන්දඹු, අනත්දරු විශ්‍රාම වැටුප වෙනුවෙන් සියයට අටක් කැපෙනවා. මාර්තු මාසයේ රජයේ සේවකයන්ට දෙන රුපියල් පන්දහසේ දීමනාව අප්‍රේල් මාසයේදී දෙන්නේ නැහැ. ඒ පන්දහසේ දීමනාව දුන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. නමුත් අය-වැයෙන් අප්‍රේල් මස වැඩි වෙන්නේ රුපියල් හාරදහස් ගණනක්. එවිට පඩි වැඩි වීම ඍණ ගණනක්. එවිට ගෙදර ගෙන යන වැටුප මාර්තු මසට වඩා රුපියල් එකසිය ගණනක් අඩු වෙනවා.”