Home World News Room : ඇරිසෝනා ප්‍රාන්තයේදී ගුවන්යානා දෙකක් එකට ගැටී නියමුවන් දෙදෙනා මරුට

News Room : ඇරිසෝනා ප්‍රාන්තයේදී ගුවන්යානා දෙකක් එකට ගැටී නියමුවන් දෙදෙනා මරුට

0
0

නව වසර උදාවීමෙන් පසු අමෙරිකානු භූමියේ පස්වැනි ගුවන් අනතුර ඉතිහාසයට එක් කරමින් ඇරිසෝනා ප්‍රාන්තයේ දකුණු දෙසින් පිහිටි මැරානා දේශීය ගුවන්තොටුපොළ අහසේදී කුඩා සැහැල්ලු ගුවන්යානා දෙකක් එකට ගැටීමෙන් එහි ගමන් ගත් නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක් ගුවන් නියමුවකු බැගින් සිටි එම සැහැල්ලු ගුවන්යානා එකට ගැටීමෙන් ගිනිගෙන විනාශ වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අනතුර සිදුවී ඇත්තේ එක් ගුවන්යානයක් එක්වරම මැරනා ධාවන පථයට ගොඩබැස්සවීමත් සමඟ පසුපසින් පැමිණි අනෙක් ගුවන්යානය එහි ගැටීමෙන් බව වාර්තා වේ.

අමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවල පිහිටි කුඩා ගුවන්තොටුපොළවල ගුවන් පාලන මෙහෙයුම් කුලුනු නොමැති බැවින් එවැනි ගුවන්තොටුපොළවල සැහැල්ලු ගුවන්යානා ගොඩබ­ැස්සවීමේදී සහ ඉහළ නැංවීමේදී අනතුරට ලක්වීමෙන් වළක්වා ගැනීම නියමුවන් සතු වගකීමක් බව එරට ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ හිටපු නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වෙතත් අනතුර පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here