Home World News Room : කටාර් රාජ්‍යයෙන් ඉන්දියාවේ ඩොලර් බිලියන 10ක ආයෝජන

News Room : කටාර් රාජ්‍යයෙන් ඉන්දියාවේ ඩොලර් බිලියන 10ක ආයෝජන

0
0

වසර 2030දී ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුව දෙගුණයකින් ඉහළ නංවාගැනීමේ අරමුණ ඇතිව අමෙරිකානු ඩොලර් බිලියන 10ක ආයෝජන සිදු කිරීමට කටාර් රාජ්‍යය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කටාර් එමීර් ශේක් ටමීම් බින් හමාඩ් අල් තානිගේ පසුගිය ඉන්දීය සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා පුළුල් කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ සම්බන්ධතා අතර වෙළෙඳාම, ආයෝජන, බලශක්ති සහ සංස්කෘතික ක්ෂේත්‍ර ආවරණය කිරීමට නියමිත බවත්, යටිතල පහසුකම්, තාක්ෂණය සහ නිෂ්පාදන වැනි අංශ කෙරෙහි ද අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. මීට අමතරව දෙරට අතර සංස්කෘතික, මිත්‍රත්ව සහ ක්‍රීඩා සැමරුම් ඇතුළු මූල්‍ය, ක්‍රීඩා, තරුණ සහ සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍ර තුළ සහයෝගිතාව වර්ධනය කර ගැනීමට අවබෝධතා ගිවිසුම් රැසකට ද අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here