16
ජාතික ජන බලවේගය මැතිවරණ සමයන්වලදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත කිසිවක් 2025 වසර සඳහා ඉදිරිපත් කරන ලද අය-වැයේ නැති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය මෙසේද සඳහන් කළාය. ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් කරගනිමින් කාන්තාවන් රොද බැඳ ගත්තා. බදු ඉවත් කරන බව කිව්වා. පාසල් උපකරණ මිල අඩු කරනවා කිව්වා. තමන්ගේ දරුවන්ට නියමිත ආහාර වේලක් දෙන්න බැරි එක කාන්තාවන්ට ගැටලුවක්. ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වූ කරුණු අයවැය තුළ අන්තර්ගත වන්නේ නැහැ. ඒ පිළිබඳව කතා කරනකොට ආණ්ඩු පක්ෂය කිව්වේ අය වැය ගේනකල් ඉන්න කියලා. අය වැයෙන්වත් වැට් බද්ද ඉවත් කර නැහැ.