18
චීන නව වසරේ උදාවත් සමඟ තිරගත කිරීම ආරම්භ කළ ‘නෙ සා -2‘ මන:කල්පිත ක්‍රියාදාම චිත්‍රපටය එතෙක් මෙතෙක් ලොව වැඩිම ආදායමක් උපයාගත් ත්‍රිමාණ චිත්‍රපටය බවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 2019 දී තිරගත වූ ‘නෙ සා‘ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස හඳුන්වනු ලබන එම චිත්‍රපටය මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක වාර්තාගත ආදායමක් උපයාගෙන ඇතැයි ද, නව බොක්ස් ඔෆීස් වාර්තා පිට වාර්තා තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. චීන මන:කල්පිත මකර රජකුට එරෙහිව සටන් කරන රාක්ෂ දරුවකු වටා ගෙතුණු එම ත්‍රිමාණ චිත්‍රපටය එම ආදායම් වාර්තාව පිහිටුවා ඇත්තේ සති 3ක් ඇතුළතදී බවත්, ඉංග්‍රීසි නොවන ත්‍රිමාණ චිත්‍රපටයක් එවැනි ආදායම් වාර්තා තැබූ පළමු අවස්ථාව ද මෙය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම චීනයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය ලෙසත්, ඩොලර් බිලියනයක ආදායමක් ලැබූ ඉංග්‍රීසි නොවන ලොව පළමු චිත්‍රපටය ලෙසත් ඉතිහාසයට එක්වූ බව වාර්තා වේ. මේ වන විට ලෝක සිනමාවේ වැඩිම ආදායමක් උපයාගත් 8 වැනි චිත්‍රපටය ද වන ‘නෙ සා -2‘ ඉදිරියේදී තවත් ආදායම් වාර්තා රැසක් බිඳ දමනු ඇතැයි ද වාර්තාවේ.