Home World News Room : දකුණු චීන මුහුදේදිත් ගුවන් අනතුරක් නූලෙන් බේරෙයි

News Room : දකුණු චීන මුහුදේදිත් ගුවන් අනතුරක් නූලෙන් බේරෙයි

0
0

දකුණු චීන මුහුදේදි චීන නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පිලිපීන රජයට අයත් ගුවන් යානයක ගැටීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් අවසන් මොහොතේ වැළකී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිලිපීන වෙරළාරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත්තේ අනතුර වළක්වා ගැනීමට සමත් වෙද්දී යානා දෙක අතර පරතරය මීටර් 3 දක්වා අඩුවී තිබූ බවය. චීන හෙලිකොප්ටරය අනතුරුදායක ලෙස පියාසර කර ඇතැයි ද, ඊට එරෙහිව පිලිපීන රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් චීනයට විරෝධය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පිලිපීන රජයට අයත් ගුවන්යානය මාධ්‍යවේදීන් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබූ බවත්, ඔවුන් දකුණු චීන මුහුදේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී සිටි බවත් වාර්තා වේ. මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් දකුණු චීන නාවික හමුදා මෙහෙයුම් ප්‍රධානි ටියැන් ජුන්ලි සඳහන් කර ඇත්තේ පිලිපීන ගුවන්යානය අනවසරයෙන් සිය ගුවන් සීමාවට ඇතුළුවීම නිරීක්ෂණය කිරීම සඳහා එම හෙලිකොප්ටර් යානය යොදා තිබූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here