Home Politics News Room : නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉඩමට ගියත් ඇතුළුවීමට ඉඩ දුන්නේ නෑ

News Room : නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉඩමට ගියත් ඇතුළුවීමට ඉඩ දුන්නේ නෑ

0
0

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අයත් ඉඩම සම්බන්ධයෙන් ජනතාව දිගින් දිගටම කළ පැමිණිලි අනුව ඒ පිළිබඳ සොයා බැලීමට එහි ගිය ද එම ස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදීම නිසා නැවත හැරී පැමිණි බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

මෙම ඉඩම බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට තමා සතුව තිබෙන බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් කුමන අවලාද නැඟූවද මෙතෙක් දවස් නිහඬව සිටියේ නිවැරැදි තොරතුරු ලැබෙන තෙක් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අය වැය දෙවැනි වර කියවීමේ විවාදය අතරතුර සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

මම පන්සලකට පනින්න ගියා කියලා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවා. එය මම නිවැරැදි කළ යුතුයි. එය පදනම් කරගෙන ඇතැම් මාධ්‍ය නාළිකාත් උදේට පත්තර කියවන ගමන් මට විවිධ ප්‍රහාර එල්ල කළා. මම ඒවාට උත්තර දෙන්න ගියේ නැහැ. හැබැයි දයාසිරි මන්ත්‍රීතුමා මෙතැන තිබුණු සිද්ධිය තමයි මේ ඉඩම කියන්නේ පසුගිය කාලයේ රාජ්‍ය බලය භාවිතා කරමින් මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් බලහත්කාරයෙන් අත්පත්කර ගත්ත ඉඩම් ප්‍රමාණයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here