Home World News Room : මදුරුවන් සහ මදුරු කීටයන් අල්ලා දෙන අයට පිලිපීන රජයෙන්...

News Room : මදුරුවන් සහ මදුරු කීටයන් අල්ලා දෙන අයට පිලිපීන රජයෙන් මුදල් තෑගි

0
0

පිලිපීනයේ ජනගහනය අධික නාගරික ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මැඬ පැවැත්වීමට නගර බලධාරීන් අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැනිලා නුවර තදාසන්න ප්‍රදේශවල හිස ඔසවා ඇති ඩෙංගු උවදුර තුරන් කිරීමේ අරමුණින් එවැනි පියවරක් ගත් බව නගර බලධාරීන් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම වැඩසටහන යටතේ මදුරුවන් මරා හෝ පණපිටින් රැගෙන එන පුද්ගලයන්ටත්, මදුරු කීට රැගෙන එන පුද්ගලයන්ටත් මුදල් තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර මදුරුවන් පස්දෙනකුට පිලිපීන මුදලින් පෙසෝ එකක් බැගින් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5කුත් ශත 12ක් බැගින්) පිරිනමන බව මධ්‍යම මැනිලා නුවර නගර ප්‍රධානියකු නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. දැනටමත් එම මුදල් තෑගි ලැබුණු බවට නගරවාසීන් 21 දෙනකු තහවුරු කර ඇති අතර, ඔවුන් විසින් බලධාරීන්ට භාර දෙනු ලැබූ මදුරුවන් සහ කීටයන් ප්‍රමාණය 700කට අධික බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here