Home Politics News Room : මන්ත්‍රී අර්චුනාගේ ක්‍රියාකලාපය වරප්‍රසාද කමිටුවට

News Room : මන්ත්‍රී අර්චුනාගේ ක්‍රියාකලාපය වරප්‍රසාද කමිටුවට

0
0

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ඒ පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කිරීම සිදුවිය.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා හා රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා කටයුතු කළ අතර එලෙස පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව සභාගත කරමින් අදාළ වාර්තාව ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here