10
ව්‍යවසායකයන් දිරි ගන්වමින් තාරුණ්‍යයට පණක් දිය හැකි අය-වැයක් ඉදිරිපත් කරන්නේ නම් එය සාර්ථක බව සර්වජන බලය පක්ෂයෙන් පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය. අය-වැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
රටට ආයෝජන ගෙන ඒමට අපට ඕන. රට ගැන විශ්වාසයක් ඇති කරන්න ඕන. ව්‍යවසායකයන්ට පණ දෙනවා නම් අපිත් ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරනවා.
ව්‍යවසායකත්ව රාජ්‍ය රටේ දියුණුවට අවශ්‍ය වෙනවා. ජාතික ජන බලවේගය මුලදී කීවේ නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ස්ථාපිත කරන බව. ඔවුන් එය ව්‍යවසායකත්වයට යොදා ගත්තා. සමස්තය තේරුම් නොගැනීම තුළ ගැටලු ඇති වෙනවා. රටට ආදරය කරන ජනතා සිහින මේ අය-වැයෙන් බොඳව ගිහින්. මහා පරිමාණ ව්‍යවසායකයන් ද්විත්ව පුරවැසියන්. ඔවුන් නැවත ලංකාවට ගෙන්නාගෙන ව්‍යවසායන් ආරම්භ කිරීමේ පසුබිමක් රට තුළ ස්ථාපිත කරන්නේ නම් රට තුළට ආයෝජන ගලා එනවා. මේ අය-වැයේ කිසිදු සමාජවාදයක් නැහැ. සමාජවාදයක් තිබෙනවා නම් ගමේ සිටින නිර්ධන පාංතිකයාට දැනෙන්න ඕන අන්න අපේ අය-වැයක් කියලා. කුමන ශීර්ෂයක් යටතේවත් ගමේ මිනිසාට එය දැනෙන්නේ නැහැ. වකුගඩු රෝගීන්ට වැඩිපුර රුපියල් 2000ක් දුන්න නිසාද. එහෙමත් නැත්නම් අස්වැසුම නිසාද. වැටුප රුපියල් 900 කින් වැඩි කළ නිසාද. මේ මොනවත් ගමේ මිනිහට දැනෙන්නේ නැහැ.