15
විදේශ ආයෝජන මෙරටට ගෙන එන අතරම දේශීය ව්‍යවසායකයන් ද ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව පියවරගත යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය. අය-වැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය. ඩොලර් බිලියන 6ක සංචිත අද තිබෙනවා. ලබන වසරේදී එය ඩොලර් බිලියන 8ක් විය යුතුයි. ඒ විදියට සංචිත ඉහළ යා යුතුයි. වාහනවලින් ආදායමක් රටට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මීට වඩා සැලසුම් සහගතව ආදායම් උපයා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ආණ්ඩු මාරු වන විට විවිධ දේවල් වෙනස් වෙනවා. 2028 වර්ෂයේදී ණය වාරිකය ගෙවිය යුතුයි. සංචිත ටික නොතිබුණොත් රට බරපතළ තත්ත්වයකට වැටෙනවා. සංඛ්‍යා ලේඛන කෙසේ වෙතත් ආර්ථිකය ප්‍රායෝගිකව යථාර්ථයක් කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි.