Home World News Room : සංක්‍රමණිකයෝ 300ක් පැනමාවේ හෝටලයක සිරගත කරලා

News Room : සංක්‍රමණිකයෝ 300ක් පැනමාවේ හෝටලයක සිරගත කරලා

0
0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරිමේ නියෝගයට අනුව සිය රට බලා යෑම ප්‍රතික්ෂේප කළ සංක්‍රමණික පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් පැනමා රාජ්‍යයේ හෝටලයක රඳවා තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩෙකාපොලිස් නමැති එම හෝටලයේ ඉහළ මාලයේ කාමරයක වීදුරු කවුළු අසල සිට ‘කරුණාකර උදව් කරන්න…‘ අපිව බේරගන්න…‘ ආදි පණිවුඩ සටහන් කළ පූවරු ප්‍රදර්ශනය කරමින් ද හඬා වැටෙමින්ද දඑම පිරිස හෝටලයෙන් පිටත අයගේ උදව් උපකාර ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම පිරිස හෝටලයේ රඳවා තබා ඇත්තේ අමෙරිකාව සහ පැනමා රාජ්‍යය අතර සංක්‍රමණික ගිවිසුමක් යටතේ බවත්, ඔවුන්ට ආහාර සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බවත් පැනමාවේ ආරක්ෂක ඇමැති ෆ්‍රෑන්ක් ඇබර්ගෝ ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අදාළ රටවලින් සිය පුරවැසියන් නැවත භාර ගැනීමේ කටයුතු ආරම්භ කරනතුරු එම සංක්‍රමණිකයන් පොලිස් ආරක්ෂාව යටතේ එසේ රඳවා සිටින බවත්, එතෙක් ඔවුන්ට හෝටලයෙන් පිටතට යෑමට අවසර නොමැති බවත් ආරක්ෂක ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ

එම සංක්‍රමණිකයන්ගෙන් බහුතරය ආසියාතිකයන් බවත්, ඉරානය, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ චිනයට අයත් පුරවැසියන් ද ඒ අතර සිටින බවත් ඉන්දියාවේ එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here