Home Politics News Room : සිද්ධියකින් හෝ දෙකකින් ජාතික ආරක්ෂාව කිසිසේත් බිඳී නෑ

News Room : සිද්ධියකින් හෝ දෙකකින් ජාතික ආරක්ෂාව කිසිසේත් බිඳී නෑ

0
0

රටේ ආරක්ෂාවත් ජාතික ආරක්ෂාවත් තහවුරුයි

රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාවත් තහවුරු කර තිබෙන බවට ආණ්ඩුව විශ්වාසයෙන් යුතුව සහතික කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) අවධාරණය කළේය.

තනි සිදුවීම් දෙකක් පදනම් කර ගනිමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුව ඇති බවට අර්ථ දැක්විය නොහැකි බවත් තැන තැන සිදුවන පාතාල ක්‍රියාකාරකම් හා සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවන ගැටුම් වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා පැවසීය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළකරන අතර කිසිදු ආකාරයකින් රට තුළ ජාතික ආරක්‍ෂාව බිඳ වැටී නොමැති බව පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම මහතා මතුකළ කරුණකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි ලෙස හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම ඔහු ගමන් කළ වෑන් රථය රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවද හෙ‍ෙතම පැවසීය.

මෙම සිදුවීම මෙන්ම මීට පෙර සිදුවූ ඇති සිදුවීම්, පාතාල ගැටුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිදුවීම් ඇතුළු සියලු සිදුවීම් සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන දිගටම සිදු කරනවා. ඔහු ගමන්කළ වෑන් රථයත්, රියැදුරුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් කාන්තාවක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා. ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් හෝ බාධාවක් සිදුවී නැහැ. කතානායකතුමනි රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත් තහවුරු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විශ්වාසයෙන් ඔබට සහතිකයක් දෙනවා. ඒ වගේම අපි දන්නවා මේ රටේ කාලයක් පුරා සිදුවූ ඝාතන සම්බන්ධයෙන් බොහෝ වෙලාවට සිදුවුණේ ඝාතකයින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක්. නමුත් අපේ ආණ්ඩුව එවැනි තැනක නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here