Home World News Room : හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් සිවුදෙනකුගේ මළ සිරුරු භාර දෙයි

News Room : හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් සිවුදෙනකුගේ මළ සිරුරු භාර දෙයි

0
0

ගාසා සටන් විරාම ගිවිසුම යටතේ පළමු වතාවට හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිවුදෙනකුගේ මළ සිරුර ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මඟින් භාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර 2023 වසරේ ඔක්තෝබරයේදී ඊශ්‍රායලයෙන් පැහැරගන්නා විට මාස 9ක සහ අවුරුදු 4ක වයසේ පසුවූ දරුවන් දෙදෙනකුගේ මළ සිරුර ඔවුන්ගේ මවගේ මළ සිරුරු ද තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මළ සිරුරු භාරගත් ඊයේ දිනයේදී සිය ශෝකය පළ කිරීමට ඊශ්‍රායල ජනතාව සීත සෘතුව සහ අධික වැසි නොතකා ටෙල් අවීව් නුවර මාර්ගය දෙපස රැස්වී සිටි බව වාර්තා වේ.

එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනා ඝාතනයට ලක්වූයේ පසුගිය වසරේදි ඊශ්‍රායලයෙන් එල්ල වූ ප්‍රහාරයකින් බව හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇති අතර, එය තහවුරු කිරීමට හැකි සාක්ෂි ඉදිරිපත් කර නැති බව ද වාර්තා වේ.

මරණ පරීක්ෂණයකින් තොරව ඔවුන් මිය ගිය ආකාරය පිළිබඳ තහවුරු කර ගැනීමට නොහැකි බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 84 හැවිරිදි ඊශ්‍රායල ජාතික සාම ක්‍රියාකාරිකයකුගේ මළසිරුරක් ද ඊයේ භාර දුන් මළ සිරුර අතර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුර භාර දීමට ප්‍රතිචාර වශයෙන් ඊයේ දිනයේ පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සිදු නොවූ බවත්, ලබන 22 වැනිදා හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් 6 දෙනකු නිදහස් කිරීමෙන් පසු පලස්තීන සිරකරුවන් විශාල පිරිසක් නිදහස් කරනු ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here