Home World News Room : අර්කන් කැරලිකරුවෝ බටහිර මියන්මාරයේ අණසක පතුරුවති

News Room : අර්කන් කැරලිකරුවෝ බටහිර මියන්මාරයේ අණසක පතුරුවති

0
0

බටහිර මියන්මාරයේ ව්‍යාප්ත වෙමින් පවතින කැරලිකාර අර්කන් සන්නද්ධ හමුදාවේ ආධිපත්‍යය චීනය, ඉන්දියාව සහ බංග්ලාදේශයේ වෙළෙඳ සහ ආර්ථික සංවර්ධනයට දැඩි තර්ජනයක් වී ඇතැයි ද, එම කලාපයේ සංවර්ධන ව්‍යාපෘති අභියෝගයකට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට වසර 15කට පමණ පෙර බිහිවූ අර්කන් කැරලිකාර සන්නද්ධ හමුදාව මේ වනවිට දකුණු මියන්මාරයේ ප්‍රධාන නගර ඇතුළුව 90%ක භූමි ප්‍රදේශ අත්පත් කරගෙන ඇති අතර, මියන්මාර රජයේ හමුදාවට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. බංග්ලාදේශ දේශසීමාව පිහිටි කිලෝමීටර් 271ක භූමි ප්‍රදේශය ද අර්කන් හමුදාව අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ වනවිට දකුණු මියන්මාරයේ බටහිර කලාපයේ අණදෙන මූලස්ථානය සහ අධිකරණ ඇතුළු මහජන සෞඛ්‍ය අංශ දක්වා සියලු අංශ අර්කන් කැරලිකරුවන් අතට පත්වී ඇති බවත්, එය මියන්මාර රජයට පමණක් නොව අසල්වාසී චීනය, ඉන්දියාව සහ බංග්ලාදේශ රටවලටත් දැඩි අභියෝගයක් වී ඇති බවත් වාර්තා වේ. එම කලාපයේ අමෙරිකානු ඩොලර් බිලියන 2කට වැඩි ඉන්දීය ආයෝජන ව්‍යාපෘති රැසක් අර්කන් කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අර්බුදයකට ලක්වී ඇති අතර, දේශසීමා ආරක්ෂක ගැටලු මත ඊට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here