Home Politics News Room : ආණ්ඩුවේ ලොකුම වැඩේ අපේ පවුලට චෝදනා කරන එකයි

News Room : ආණ්ඩුවේ ලොකුම වැඩේ අපේ පවුලට චෝදනා කරන එකයි

0
0

“ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය අපේ පවුලට චෝදනා කරන එකයි. හෙට, අනිද්දා මාව අත්අඩංගුවට ගත්තත් කවුරුත් පුදුම වෙන්න එපා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කළුතරදී පැවසුවේය.

එම පක්ෂය සංවිධානය කරන “ගමින් ගමට” වැඩසටහන කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ අසලින් ආරම්භ කරමින් පෙරේදා (22) මන්ත්‍රීවරයා මේ බව කීවේය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය නෙළුවේ සුමනවංශ නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙහිදී ආගමික වතාවත් ඉටු කළහ. එදා දිනපතා පුවත් බලද්දි අපි දැක්කේ රටේ සංවර්ධන ව්‍යාපෘති, මුල්ගල් තැබීම්, විවෘත කිරීම් ආදියයි. අද ප්‍රවෘත්ති බලද්දි ජනතාව බියට පත්වෙනවා. සංවර්ධනය වෙනුවට දකින්නේ වෙඩි වරුසාවල්, එදා මුළු රටම වැඩබිමක් බවට පත්ව තිබුණා. අද ජනතාවට මර බියක් තිබෙනවා. පසුගිය කාලය විවේචන කිරීම නවතා මේවාට විසඳුම් සෙවීමට ආණ්ඩුව පියවර ගත යුතුයි” යැයි ද හෙතෙම කීවේය.

එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ලොව බිහිසුණු ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කළා. අද ආණ්ඩුව ඒවා විවේචනය කරමින් සිටිනවා යැයි ද කීවේය.

කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here