Home Sport News Room : කඳු නැගීමේ ශූර යොහාන් දිවයිනට

News Room : කඳු නැගීමේ ශූර යොහාන් දිවයිනට

0
0

ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කදු නැගීමේ ශූර යොහාන් පීරිස් , ලෝකයේ තවත් උසම කදු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද (24)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

යොහාන් පීරිස් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කදු මුදුන සහ දකුණු ඇමෙරිකාවේ , ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කදු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙසේ යළිත් මෙරටට පැමිණ තිබුණි .

 ඒ අනුව මේ වනවිට ආසියා මහාද්වීපයේ  එවරස්ට් , අප්‍රිකා මහාද්වීපයේ කිලිමැන්ජාරෝ , ඕස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ , යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස් , ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු ඇමෙරිකාවේ ඇකන්කගුවා යන කදු සාර්ථකව තරණය කිරීමට යොහාන් පීරිස් සමත් වී තිබේ .

ඔහුට තවත් ඉතිරි වී පවතින්නේ ඇලෙස්කා මහාද්වීපයේ ඩිනාලී කදු මුදුන තරණය කිරීමට බවත් , තමන් ඒ සදහා එළඹෙන මැයි මාසයේ මෙරටින් පිටත්ව යන බවත් , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහාන් පීරිස් සදහන් කළේය .

ලෝකයේ මේ වනවිට මේ ආකාරයට ලොව උසම කදු මුදුන් 07 ම තරණය කළ පුද්ගලයන් 400 ක් සිටින බව ද යොහාන් පීරිස්  සදහන් කළේය .

යොහාන් පීරිස්   පිළිගැනීමට ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here