5
කොළඹ පාපන්දු ලීගයේ සභාපති තනතුරට එම්.අයි.ඒ. මනිවන්නන් මහතා පත්වූ අතර, ලේකම් තනතුරට සහරාන් සිංහවංශ මහතා පත්විය. පෙරේදා කොළඹදී පැවති කොළඹ පාපන්දු ලීග මහ සභාවේදී මේ පත් කිරීම් සිදු කෙරුණු අතර, භාණ්ඩාගාරික ලෙස මොහොමඩ් සිබ්රෙකාන් මහතා නම් කෙරිණි.
උප සභාපතිවරු ලෙස මොහොමඩ් ෆියාස් (මට්ටක්කුලිය පාපන්දු සමාජය), මොහොමඩ් අෆ්සාල් (කොලොන්ස් පා.ස.), මොහොමඩ් අබ්දිල් (ඕල්ඩ් හමීඩියන්ස් පා.ස), මොහොමඩ් නසාර් (කිරුලපන පා.ස), සුදත් කරුණාතිලක ( ඕල්ඩ් ජොෂපියන්ස් පා.ස), ෂෙහාන් සිල්වේරා (රත්නම්), ටී. ශ්‍රී කාන්ත් (එවරෙඩි පා.ස.), උප ලේකම්වරු – මොහොමඩ් රාජේන්ද්‍රන් (ඕල්ඩ් හින්දු පා.ස), මොහොමඩ් අනාස්ඩීන් (වැලෙන්සියා පා.ස), උප භාණ්ඩාගාරික දිලූක පෙරේරා (ඕල්ඩ් බෙන්ස් පා.ස)