Home Sport News Room : චැම්පියන්ස් කුසලාන ලාංඡනයේ පාකිස්තානයේ නම අතුරුදන් වෙලා

News Room : චැම්පියන්ස් කුසලාන ලාංඡනයේ පාකිස්තානයේ නම අතුරුදන් වෙලා

0
0

චැම්පියන්ස් කුසලාන බංග්ලාදේශ – ඉන්දියා තරගයේදී රූපවාහිනී විකාශනය සිදුවෙද්දී පාකිස්තානයේ නම අතුරුදන් වීම පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය කනස්සල්ල පළ කළේය. අනෙකුත් සියලු තරගවලදී රූපවාහිනී තිරයේ චැම්පියන්ස් කුසලාන නිල සන්නාමය සමඟ පකිස්තානයේ නම සහිත සම්පූර්ණ ලාංඡනය දක්නට ලැබුණද ඉන්දියාව සමඟ තරගයේදී සත්කාරක රටේ නම අතුරුදන්වීම පිළිබඳ බොහෝ කතාබහ ඇතිව තිබේ.

ආරක්ෂක හේතූන් මත ඉන්දියාව පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කිරීම සහ දෙමුහුන් ආකෘතියකින් තරගාවලිය පැවැත්වීමට සිදුවූ අතර, චැම්පියන්ස් කුසලානයට පෙරාතුව, ඉන්දියාවේ ජර්සිවල නිල තරගාවලි ලාංඡනයේ කොටසක් වන පාකිස්තාන නම මුද්‍රණය ඉවත් කිරීමේ සුදානමක් ද විය. කෙසේ වෙතත්, එවිට ඉන්දීය ක්‍රිකට් පැවසුවේ තරගාවලියේ නීති රීති අනුගමනය කරන බවත්, ඉන්දීය ක්‍රිකට් පිලේ ජර්සියේ නම මුද්‍රණය කරන බවත්ය. මේ අතර, පකිස්තානයේ තරග පැවැත්වෙන ස්ථානවල ඉන්දීය ධජය අතුරුදන් කිරීම පිළිබඳව ද කතාබහක් ඇති විය.

අයිසීසීය පවසන්නේ මේ චැම්පියන්ස් කුසලාන ලාංඡනය පිළිබඳ ගැටලුව විකාශකයාගේ පැත්තෙන් ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා වූවක් බවය. අයිසීසී අධීක්ෂණය යටතේ එක්සත් රාජධානියේ නිෂ්පාදන සමාගමක් වන සන්සෙට් ආයතනය විසින් රූපවාහිනී විස්තර ප්‍රචාරයට අවශ්‍ය ග්‍රැෆික්ස් සකස් කර සපයනු ලබන බව වාර්තා වේ. එවැනි දෝෂ නැවත සිදු නොවන බවටත්, ඉතිරි සියලු තරග අතරතුර පාකිස්තානයේ නම ඇතුළුව සම්පූර්ණ ලාංඡනය ප්‍රදර්ශනය කරන බවටත් අයිසීසීය සහතික වී තිබේ.

ප්‍රින්ස් ගුණ‍සේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here