Home World News Room : ජර්මනියේ මහමැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂය ඉදිරියෙන්

News Room : ජර්මනියේ මහමැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂය ඉදිරියෙන්

0
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 630 දෙනකු තෝරාපත් කර ගැනීම සඳහා ජර්මනියේ මහමැතිවරණය ඊයේ පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලබන සැප්තැම්බර් මස 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එරට මහමැතිවරණය මාස 7කට පෙර කැඳවනු ලැබුවේ සන්ධාන රජයේ මතු වූ අර්බුද හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ආසන 316ක් ජයගෙන රජයක් පිහිටුවීම සඳහා එරට ඡන්දදායකයන් මිලියන 59ක් මෙවර ලියාපදිංචි වී සිටින බව ද වාර්තා වේ. කොන්සර්වේටිව් පක්ෂයට නැවත බලය ලැබෙනු ඇති බවත්, පසුගියදා පැවති සමීක්ෂණයකට අනුව එම පක්ෂය 30%ක ප්‍රතිශතයකට හිමිකම් කී බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වසර 4ක් ඇතුළත ජර්මනිය නැවත ගොඩනඟන බවට ප්‍රතිඥා දී ඇති කන්සර්වේටිව් පක්ෂයේ නායක 69 හැවිරිදි ෆ්‍රයිඩ්රිච් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සල්වරයා බවට පත්වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇති අතර, ජර්මනියේ මහමැතිවරණ වෙත යුරෝපය සහ අමෙරිකාව දැඩි අවධානය යොමුවී ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here