10
ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තු යැවූ පක්ෂයක සාමාජිකාවන් ලෙස ඉදිරියේදී මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් පමණක් නොව නායිකාවන් ලෙස ඉදිරියට එන ලෙස, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා ක්‍රියාකාරිනියන්ගේ සුහද හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 23 වැනි දා අනුරාධපුර යොවුන් නිකෙතන ශාලාවේ දී මෙම හමුව පැවැත්විණි.
“පසුගිය වසරේ ලබාගත් ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයට නායකත්වය දුන්නේත්, මේ රටේ තීරණාත්මක දේශපාලන පරිවර්තනයක් සිදුකිරීමට එක මිටකට එකතුවෙලා මැදිහත් වුණෙත් ඔබ. පසුගිය වසරෙ අපි හමුවුණ හැම මොහොතකම කතාවුණේ මේ ඓතිහාසික ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට පත්වීමට. ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තු යැවූ පක්ෂයක සාමාජිකාවන් ලෙස ඉදිරියේදීත් මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් පමණක් නොවෙයි නායකත්වයටත් පත්වෙමු.” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය මෙහිදී ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රියාකාරිනියන් අමතා ප්‍රකාශ කළා ය.
මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ බිලියන හයසිය දහනවයක මුදල මෙතෙක් ඉතිහාසයේ මෙරට අයවැයක් හරහා අධ්‍යාපනයට වෙන්කරන ලද විශාලතම මුදල බවත්, ඉදිරි වසරේ සිට අධ්‍යාපනය නවමු දිශානතියකට යොමු කරමින් 2026 වසරේ දී පාසල් පද්ධතිය තුළ පළමු ශ්‍රේණියේ සහ හය ශ්‍රේණියේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.
සාහිත්‍ය ,කලාව ,භාෂා අධ්‍යයන ඇතුළු පුළුල් වූ අධ්‍යාපන ක්රමයක වැදගත්කම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කරන ලද අතර ඉදිරියේදී ඒ ආශ්රිත විෂයන් වැඩි වශයෙන් අධ්‍යාපන පද්ධතියට එක්වන බව සඳහන් කළා ය.
ආර්ථික අපහසුකම් හේතුවෙන් පාසල හැර යන දරුවන්, අස්වැසුම ලබන දරුවන් මෙන්ම සිසුන් 300ට අඩුවෙන් අධ්‍යාපනය ලබන සියලුම පාසල්වල දරුවන් වෙනුවෙන් පොත්පත් හා ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට වව්චර් පතක් ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වගකීමක් ලෙස සලකමින් පාසල් තුළ සනීපාරක්ෂාව වර්ධනය කිරීමත්, වයස අවුරුදු 13ට වැඩි සියලුම ගැහැනු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබා ගැනීම වෙනුවෙන් වව්චර් පතක් ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කරන ලදී.
එමෙන්ම clean sri lanka ව්‍යාපෘතිය හරහා පොදු මහජනයා වෙනුවෙන් ආරක්ෂිත සහ පිරිසිදු සනීපාරක්ෂක සේවා ඇතිකිරීම කඩිනමින් සිදුවන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
මෙම සුහද හමුවට ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික, හිටපු නාගරික මන්ත්‍රිනී සීතා හේරත්,
ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායිකා නිශාන්ති වීරසේකර යන මහත්මීන් ඇතුළු ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී සාමාජිකාවන් රැසක් සම්බන්ධ විය.