5
2025 – දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට ( South Asian Cross Country Championship – 2025 ) තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්රීඩකයින් රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ සමස්ථ තරගාවලියේ අනු ශූරතාවය දිනා ගෙන (24) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දකුණු ආසියානු රටවල් 05 ක ක්රීඩක ක්රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 02/23 දින පවත්වා තිබුණි .
එහිදී විවෘත කිලෝ මීටර් 10 ධාවන ඉසව්ව සදහා සහභාගී වූ වී.වක්ෂාන් ක්රීඩකයා එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය . ඔහු තලවකැළේ ප්රදේශයේ පදිංචි ශ්රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන ක්රීඩකයෙකි .
එම තරගාවලියේ කිලෝ මීටර් 08 කනිෂ්ඨ අංශයේ ධාවන ඉසව්වට සහභාගී වූ එස්.සුදිහර්ෂන් ක්රීඩකයා එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය . ඔහු මාතලේ හින්දු ජාතික පාසැලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි .
මෙම පදක්කම් දිනා ගත් ක්රීඩකයින් පිරිස අද (24) පස්වරු 01.15 ට පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්රී ලංකා මළළ ක්රීඩා ආයතනයේ නිලධාරීන් , එම සිසුන් ඉගෙනුම ලබන පාසැල් වල ගුරු භවතුන් , දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .