5
මත්ද්‍රව්‍ය ජාවාරම, මංකොල්ලකෑම, මිනිමැරුම් සංස්කෘතිය පාලනය පරාජය කිරීමට විපක්ෂය ලෙස උපරිම සහාය දීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
හෙතෙම මේ බව පැවසුවේ දැරණියගල ආසන සංවිධායක රංජිත් පොල්ගම්පොළ මහතා සංවිධාන කළ ජනහමුවක් ඊයේ (23) අමතමිනි.
රජයට මේවට වැඩපිළිවෙළක් නැහැ. දුන් පොරොන්දු ඉටු නොකරන අයට පළාත් පාලන ඡන්දය භාවිත කර හොඳ පණිවිඩයක් දිය යුතුයි.
ජාතික ආරක්ෂාව ගැන පාඩම් ඉගෙන ගන්න මේස පුටු අරන් එන්න කියා රටට කිව්වත් අද රජයට ජාතික ආරක්ෂාව ගැන පාඩම් ඉගෙන ගන්න වෙලා. අද වැනි යුගයක ජන සමාජයේ නීතිය රජකරවන්න අවශ්‍ය යුගයක නීතිය වල්බිහිවී තිබෙනවා. රටේ නීතිය හා සාමය මෙහෙයවන්නන් බවට මිලේච්ඡ මිනීමරුවන් පත්වෙලා. මේ මිනිමැරුම් සංස්කෘතියට ජාතික ආරක්ෂාව ගැන මේ රජයට කිසිදු උත්තරයක් විසඳුමක් නැහැ. මේ සා විශාල ජනවරමක් දී ඇත්තේ රටේ ප්‍රශ්නවලට විසඳුම් දීමටයි. මේවා හරියට හසුරවා පාලනය කර ජනතාවට බියෙන් තොරව ජීවත් වීමට අවස්ථාව රජය දිය යුතු යැයිද හෙතෙම කීවේය.
රක්ෂණ ශ්‍රියන්ත