4
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සහ විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන බව කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉකුත්දා (21) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒ පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීමට නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් මේ කමිටුව පත් කරන ලදි. එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ඇමැති විජිත හේරත් සහ රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන් කටයුතු කළ අතර, එලෙස පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව සභාගත කරමින් අදාළ වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට යොමු කරන බව කථානායකවරයා ප්‍රකාශ කළේය.