13
සහෝදරයන්ගේ සටනේදී සාමකාමීව ජය පැන් බොති
තර්ස්ටන් – ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ සටනින් කොළඹ තර්ස්ටන් විදුහල කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කළේය. බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති මේ මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තර්ස්ටන් ක්‍රීඩකයෝ ලැබූ 7 වැනි ජයග්‍රහණය මෙයවීම විශේෂත්වයකි. පිතිකරුවන්ගේ දක්ෂතාවලට වඩා පන්දු යවන්නන් ඉදිරියට පැමිණි මේ තරගය එක් අර්ධ ශතකයකට පමණක් සීමාවීම විශේෂත්වයකි.
වසර 2019දී සඳරු ඩයස්ගේ නායකත්වයෙන් යුතුව තර්ස්ටන් විදුහල අවසන් වරට මහා තරගය ජයගෙන තිබූ අතර, වසර 6කට පසු ඊයේ එස්එස්සී ක්‍රීඩාංගණයේදී යළි ජය කෙහෙළි නැංවූහ. ඉසිපතනය අවසන් වරට මහා තරගය ජයග්‍රහණය කළේ 1999 වසරේ ක්‍රිෂාන්ත ජයවර්ධනගේ නායකත්වයෙන් වන අතර, වසර 26ක් තිස්සේ ජයග්‍රහණයක් නොමැතිව තවමත් බලා සිටී.
මෙරට පාසැල් ‘බිග් මැච්’ හෙවත් පාසල් මහා ක්‍රිකට් තරග බොහොමයක් මේ වසරේ සිට දින තුනක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම්දීමත් සමඟ මෙවර තර්ස්ටන් – ඉසිපතන මහා තරගය මුල්වරට දින තුනක තරගයක් ලෙස සංචිධානය කෙරිණි.
මේ මහා තරගයේදී අර්ධ ශතකය වාර්තා කළ තර්ස්ටන් විදුහලේ ජනිත රුක්ෂාන් හොඳම පිතිකරු සම්මානය දිනාගත් අතර, හොඳම පන්දු යවන්නා ලෙස කඩුලු 6ක් බිඳහෙළූ රචින්ත ද සිල්වා (තර්ස්ටන්), පළමු ඉනිමේ පන්දු 50කදී ලකුණු 42ක් හා දෙවැනි ඉනිමේ පන්දු 29කදී නොදැවී ලකුණු 38ක් ලබාගත් දිනාල් ඉඳුවර හොඳම ප්‍රහාරකයා (තර්ස්ටන්) හා සෑම අංශයකින්ම දක්ෂතා දැක්වූ විහස් තෙව්මික (තර්ස්ටන්) සම්මාන දිනා ගත්හ. හොඳම පන්දු රකින්නා ලෙස ඉසිපතනයේ මලීෂ සඳරුවන් සම්මාන දිනා ගනිද්දී තරගයේ වීරයාට හිමි සම්මානය තර්ස්ටන් විදුහලේ සෙනුරු ප්‍රනාන්දුට පිරිනැමිණි.
කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් ක්‍රිකට් නායක තනුග පළිහවඩන මුලින් පන්දුවට පහරදීමට ඉසිපතනයට ආරාධනා කළ අතර, පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 203ක් වාර්තා විය. තර්ස්ටන් පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 257ක් ලබා අත්හිටුවූ අතර, ඉසිපතන විදුහල දෙවැනි ඉනිම ඊයේ සියලු දෙනා ලකුණු 104කට දැවී ගියේය.
තර්ස්ටන් විදුහලට දෙවැනි ඉනිමේ ජයග්‍රහණය පිණිස ලකුණු 52ක් ලබාගත යුතුව තිබූ අතර, කිසිවකු නොදැවී ලකුණු 54ක් ලබා ඉලක්කය පසු කළේය. මේ අනුව සහෝදරයන්ගේ සටන ඉතිහාසයේ තරග 7ක් තර්ස්ටන් විද්‍යාලය හා තරග 4ක් ඉසිපතන විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කර ඇත.
මාර්තු 9 වැනිදා පී. සරා ඕවල් පිටියේදී තර්ස්ටන් – ඉසිපතන එක්දින තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉසිපතන පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 203 (ඕවර 81.1) නවිඳු උමේත් 20, රුචිත් රුද්‍රිගූ 16, මලීෂ සඳරුවන් 21, රන්මිත් සෙනරත් 22, ලෙසඳු කල්පගේ 15, චනුල් දිනොත් 40, මොහොමඩ් අස්ජාඩ් 27 (විහස් තෙව්මික 49/2, රචින්ත ද සිල්වා 46/6, තනුග පළිහවඩන 43/1)
තර්ස්ටන් පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 257 (ඕවර 91.3) දිනාල් ඉඳුවර 42, තනූජ රාජපක්ෂ 21, විහස් තෙව්මික 23, පැතුම් ධනංජය 42, ජනිත රුක්ෂාන් නොදැවී 77, මොවින් සිල්ප නොදැවී 20 (මොහොමඩ් අස්ජාඩ් 47/3, මෙනුල දඹකුඹුර 92/5)
ඉසිපතන දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 104 (ඕවර 51.3) නවිඳු උමේත් 10, රුචිත් රුද්‍රිගූ 11, රන්මිත් සෙනරත් 41, මලීෂ සඳරුවන් 21 (විහස් තෙව්මික 33/3, සෙනුරු ප්‍රනාන්දු 34/5, තනුග පළිහවඩන 14/1)
තර්ස්ටන් දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 54 (ඕවර 7.4) දිනාල් ඉඳුවර නොදැවී 38, තනූජ රාජපක්ෂ නොදවී 16
ප්‍රින්ස් ගුණසේකර