1
දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ සමස්ත තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති මේ තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයෝ ඊයේ (24) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළෙන් යළි මෙරටට පැමිණියහ.
දකුණු ආසියානු රටවල් 5ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවති මේ තරගාවලියේදී විවෘත කිලෝමීටර් 10 ජ්‍යෙෂ්ඨ ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට වී. වක්ෂාන් සමත් විය. ඔහු තලවකැළේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි.
එම තරගාවලියේ කිලෝමීටර් 8 කනිෂ්ඨ අංශයේදී මාතලේ හින්දු ජාතික පාසලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් වන එස්. සුදිහර්ෂන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබිණි.
කටුනායක – ටී.කේ.ජී. කපිල