11
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තරමක් යහපත් වි තිබෙන බව වතිකානය පවසයි.
කෙසේ නමුත් උන්වහන්සේ තවමත් අවදානම් තත්වයේ පසු වන බව සදහන් වේ.
දින කිහිපයකට පසු පාප්වහන්සේගේ සෞඛ්‍ය පිළිබඳ නිකුත් කෙරුණු වඩාත් ධනාත්මක ප්‍රකාශය මෙය වේ.
තමා වෙනුවෙන් යාඥා කිරීමට එක් වූ සියලු දෙනාට පාප්වහන්සේ ස්තූතිය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
උන්වහන්සේ ගාසා පල්ලියේ පූජකවරයාට කථා කළ බව වතිකානය කියා සිටියි. බොහෝ දවස්වල ඔහු ගාසා තීරයේ කතෝලික පල්ලියකට දුරකථන ඇමතුම් ලබා ගෙන තිබුණි.
රෝහල් ගතකර දින 10 කට වැඩි කාලයක් ගතවී තිබුණා ද උන්වහන්සේගේ සුළු වකුගඩු රෝගී තත්වය කනස්සල්ලට හේතුවක් නොවන බව වතිකානය ප්‍රකාශ කර ඇත.
පාප්වහන්සේ තවමත් ඔක්සිජන් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
නමුත්, පාප්වහන්සේගේ වෛද්‍යවරුන් කිසිඳු පුරෝකථනයක් ලබා දීමට සූදානම් නැති බව විදෙස් මාධ්‍ය පවසයි.
වතිකාන ආරංචි මාර්ගවලට අනුව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සාමාන්‍ය ලෙස ආහාර ගන්නා බවත්, ක්‍රියාකාරකම්වල නිරත වන බවත් සඳහන් වේ.