Home World News Room : පාප් වහන්සේට සුවය පතා වතිකානයේ විශේෂ දේව මෙහෙයක්

News Room : පාප් වහන්සේට සුවය පතා වතිකානයේ විශේෂ දේව මෙහෙයක්

0
0

ශ්වසන රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට දින 10කට පෙර රෝමයේ ජෙමේලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වුවද, විවේකීව කාලය ගත කරන බව වතිකානුව නිවේදනය කළ බව වතිකාන් නිවුස් පුවත් සේවය වාර්තා කළේය. රෝහල්ගත කිරීමෙන් පසුව පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දෛනිකව නිවේදන නිකුත් කරමින් සිටින වතිකානුව ඊයේ නිකුත් කළ නිවේදනයට අනුව පාප් වහන්සේ රෝහලේ ගත කළ 10 වැනි දිනයේ රාත්‍රියේදිත් ඉතා සුවපහසු නින්දක් ලැබූ බව වතිකාන් නිවුස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. පාප් වහන්සේගේ පෙණහලු දුර්වල වීම හේතුවෙන් ඔක්සිජන් සපයනු ලබන බවත්, හිමොග්ලොබින් මට්ටම ඉහළ නැංවීම සඳහා රුධිරය සැපයීමක් ද සිදු කරන බවත් වතිකාන් නිවුස් පුවත් සේවය සඳහන් කළේය.

රෝහලේ සිට ඉරිදා දේව මෙහෙයට ද පාප් වහන්සේ එක්වී ඇතැයි ද, කරුණාව, දයාව අඛණ්ඩව පවත්වා ගැනීමට සිය උපස්ථායකයන්ට උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වේ. පාප් වහන්සේට ඉක්මන් සුවය පතා වතිකානුව ඇතුළු ලොව පුරා රටවල් රැසක විශේෂ දේව මෙහෙයන් සිදු කෙරෙන බව ද වාර්තා වේ. මේ අතර ජෙමේලි රෝහල ඉදිරිපිට රැස්වූ අතිවිශාල බැතිමතුන් පිරිසක් ද පාප් වහන්සේට සුවය පතා යාඥාවන්හි නිරතව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here