10
යුරෝපා කොමිසමේ සභාපතිනිය උර්සුලා වොන්ඩර් ලේයන් මේ මස අගභාගයේදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ මස 27 සහ 28 දෙදින සිදුවන එම සංචාරයට උර්සුලා සමඟ යුරෝපා කොමිසමේ සාමාජිකත්වය දරන රටවල් 27ක නියෝජිතයන් ඇතුළත් දේශපාලන මණ්ඩලයේ සියලු සාමාජිකයන් ද එක්වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. යුරෝපා කොමිසමේ දේශපාලන මණ්ඩලයේ සියලු සාමාජිකයන් ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව ද මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එම සංචාරය පෙර නොවූ විරූ ආකාරයේ සංචාරයක් බවත්, යුරෝපා කොමිසම සහ එම කොමිසමේ විශ්වාසවන්තම රටක් වන ඉන්දියාව අතර සම්බන්ධතාව වර්ධනය කරගැනීම එම සංචාරයේ අරමුණ බවත් එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් යුරෝපා කොමිසම ප්‍රකාශ කර ඇති අතර, සංචාරය අතරතුර යුරෝපා කොමිසමේ සභාපතිනිය සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.