Home World News Room : වසර 30කට පසු අමෙරිකාවේ ‘සරම්ප’ රැල්ලක්

News Room : වසර 30කට පසු අමෙරිකාවේ ‘සරම්ප’ රැල්ලක්

0
0

අමෙරිකාවේ ටෙක්සාස් සහ නිව් මෙක්සිකෝ ප්‍රාන්තවල සරම්ප රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සති 3 ඇතුළත අවම වශයෙන් සරම්ප රෝගීන් 100 දෙනකු එම ප්‍රාන්තවලින් වාර්තා වී ඇති අතර, එය වසර 30කට පසු අමෙරිකාවෙන් වාර්තා වූ විශාලතම ව්‍යාප්තිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම රෝගීන් අතරින් 77ක්ම අවුරුදු 5 සිට 17 දක්වා වයස් කාණ්ඩයේ පසුවන දරුවන් බවත්, ඉන් සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් අවුරුදු 4 සීමාවේ පසුවන දරුවන් බවත් ටෙක්සාස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. එම දෙපාර්තමේන්තුවට අනුව අසල්වාසී නිව් මෙක්සිකෝ ප්‍රාන්තයෙන් සරම්ප රෝගීන් 8 දෙනකු වාර්තා වී ඇති අතර, ටෙක්සාස් සහ නිව් මෙක්සිකෝ රෝගීන් අතර සෘජු සම්බන්ධතා බව ද ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබේ.

මිට අමතරව ඇලස්කා, ජෝර්ජියා, නිව්යෝර්ක් සහ රෝඩ් දූපතෙන් ද සරම්ප රෝගීන් වාර්තා වී ඇති බව අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත. එම මධ්‍යස්ථානයට අනුව පසුගිය පෙබරවාරි 6 වැනිදා වන විට එම ප්‍රාන්තවලින් රෝගීන් 14 දෙනකු වාර්තා වී තිබේ.

සරම්ප රෝග වසංගතය සම්බන්ධව කටුක ඉතිහාසයක් හිමි අමෙරිකාවේ 1912 වසරේ පැතිරී ගිය වසංගත තත්ත්වය හේතුවෙන් වාර්ෂිකව මරණ 6,000ක් වාර්තා වී ඇති අතර, සරම්ප රෝගය මැඬ පැවැත්වීම සඳහා මීට වසර 60කට පෙර රුබෙල්ලා එන්නත ලොවට හඳුන්වාදීමෙන් පසු එම වසංගතය පාලනය වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සරම්ප වසංගතය අමෙරිකාවෙන් තුරන් කළ බවට 2000දී එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශයට පත් කර තිබූ අතර, මෑත වසර කිහිපය තුළ අමෙරිකාවේ මාපියන් සිය දරුවන්ට රුබෙල්ලා එන්නත ලබාදීමෙන් වැළකී සිටීම නව ව්‍යාප්තියට හේතු වී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් චෝදනා එල්ල කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here