Home Politics News Room : ජනතාව අපේක්ෂා කළ අය-වැයක් ආණ්ඩුවෙන් ඉදිරිපත් වුණේ නැහැ

News Room : ජනතාව අපේක්ෂා කළ අය-වැයක් ආණ්ඩුවෙන් ඉදිරිපත් වුණේ නැහැ

0
0

ජනතාව අපේක්ෂා කළ අය වැයක් ආණ්ඩුවෙන් ඉදිරිපත් නොවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවසීය.

අය-වැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“අය-වැයෙන් පොදු මහජනතාවට සහන ලැබී නොමැති අතර ඔවුන්ගෙන් බදු අය කර ගැනීමක් පමණක් සිදු කරනවා.

ප්‍රාදේශීය සභා මැතිවරණය ඉදිරියේදී එනවා. ඒ නිසා ආණ්ඩුව පොහොට්ටුව ගැන දැන් කතා කරනවා වැඩියි. අපි ගැන කතා කරන්න ඕනෑ නැහැ ආණ්ඩුව ගැන කතා කරගත්තා නම් හොඳයි. අය-වැය ලේඛනයේ පරස්පරතා තිබෙනවා. බදු නැති අය-වැයක් ලෙස මේ අය-වැය හඳුන්වා දුන්නා. සියයට 24 ක බදු වැඩි වීමක් මෙමඟින් බලාපොරොත්තු වෙනවා. රුපියල් බිලියන 4600ක බදු ආදායමක් ආණ්ඩුව අපේක්ෂා කරනවා. පාසල් උපකරණ, සෝලාර්, තොරතුරු තාක්ෂණය යනාදියේ වැට් එක අයින් කරනවා කියලා ආණ්ඩුව කීවා. ඒක බොරු පොරොන්දුවක්. දැමිය යුතු බදු අය-වැයට පෙර ආණ්ඩුව දැම්මා. රඳවා ගැනීමේ බද්ද සියයට 5 සිට සියයට 10 දක්වා ඉහළ දැම්මා. රටේ සමස්ත ජනතාවටම තමයි මේ බදු ගහලා තිබෙන්නේ. වැඩිහිටියන්ටත් බද්දක් තිබෙනවා. මත්වතුරවලටත් බද්දක් දානවා. පොඩිහිටියන්ටත් බද්දක් දානවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here