Home World News Room : පාප් වහන්සේගේ තත්ත්වය තවමත් බරපතලයි

News Room : පාප් වහන්සේගේ තත්ත්වය තවමත් බරපතලයි

0
0

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සෞඛ්‍ය තත්ත්වය තවමත් බරපතල මට්ටමක පවතින නමුත් එය ස්ථාවරව පවතින බව වතිකානය සදහන් කරයි.

ඉකුත් සදුදා පාප් වහන්සේව සීටී ස්කෑන් පරික්ෂාවකට ලක් කර ඇති අතර එහිදී ද්විත්ව නියුමෝනියා තත්ත්වය තවදුරටත් පවතින බව නිරික්‍ෂණය වී ඇත.

පාප් වහන්සේ බ්‍රොන්කයිටිස් රෝගයෙන් පසුවීම හේතුවෙන් පෙබරවාරි 14 වැනිදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළ දා සිට පාප් වහන්සේගේ සෞඛ්‍යය පිළිබඳව දිනපතා දෙවරක් වතිකානය විසින් දැනුවත් කිරීමක් සිදු කරනු ලැබේ.

පාප් වහන්සේ මේ වන විට ද්විත්ව නියුමෝනියා රෝගය සඳහා ප්‍රතිකාර ලබන අතර සුළු වකුගඩු අකර්මණ්‍යතාවයක සලකුණු ද පෙන්නුම් කරයි.

ප්‍රතිකාර සිදු කරන වෛද්‍යවරුන්ගේ රෝග විග්‍රහය අනුව පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතල නමුත් සායනික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here