4
අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (26) කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
එහිදී වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහල සමඟ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල තරග වදියි.
අවසන් පූර්ව වටයේදී ජෝසප් වාස් පිල වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පරදවමින් ද ශ්‍රී ධර්මාලෝක විදුහල මහනුවර විද්‍යාර්ථ විදුහල පරදවමින් ද අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
සාන්ත ජෝසප් වාස් විදුහල ෂෙහාර ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබන අතර, හෂේන් වික්‍රමාරච්චි ශ්‍රී ධර්මාලෝක විදුහල් පිල මෙහෙයවයි.
මේ කණ්ඩායම් දෙකම 2025/26 තරගවාරයේ සිට පළමු කොටස ටියර් ‘බී’ තරගාවලියේ තරග වැදීමට උසස්වීම් ලබනු ඇත.
සා. ජෝසප් වාස් සංචිතය: ෂෙහාර ප්‍රනාන්දු (නායක), ඒෂාන් මිහිරංග (උප නායක), ඉෂාර ප්‍රනාන්දු, ඩේමියන් ප්‍රසංසන, සාවියෝ ප්‍රනාන්දු, ආකර්ෂ වර්ණකුලසූරිය, හිමාල් රවිහංස, කාවින්ද රත්නායක, ඉඳුවර ජයසේකර, නේතන් ප්‍රනාන්දු, දෙනුවන් පෙරේරා, මතිෂාන් ප්‍රනාන්දු, රනීෂ නිම්සර, තන්තුල ලියනගේ, ගිම්සර කරුණාරත්න, කෞෂාන් හේරත්, මෙන්තුස ප්‍රනාන්දු.
ශ්‍රී ධර්මාලෝක සංචිතය: හෂේන් වික්‍රමආරච්චි (නායක), තෙමිර මිකාෂණ, සතිඳු ප්‍රබෝධ, ඔමාල් විහඟ, කවීන් දෙනෙත්, මෙවන් රන්දීපන, සිතුම් රමෝද්, තිෂාන් නිපුන්. ලක්වාන් ඩයස්, සෙනුක පැහැසර, තරුෂ මිහිරංග, කෝෂිත ආදිත්‍ය, කුලිත කොඩිතුවක්කු, සවින මන්විඳු, පන්සිළු මල්ෂාන්, මිනුක දින්සර, යශේන් රෝචන, විපුන් සසංක, සුභාත් චන්දිල.
ඉෂානි යද්දෙහි