16
ඉන්ටර් මියාමි පාපන්දු සමාජය නියෝජනය කරමින් අමෙරිකාවේ පාපන්දු ලීග් තරගාවලියට එක්ව සිටින සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට පුහුණුකරුවකුගේ ගෙලින් අල්ලා සිර කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහුට විශාල දඩ මුදලක් පනවා ඇතැයි වාර්තා වේ.
එම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය සෙනසුරාදා ඉන්ටර් මියාමි සහ නිව්යෝක් සිටි පාපන්දු සමාජය අතර පැවති තරගය අවසන් වීමත් සමඟ බවත්, ලයනල් මෙසී නිව්යෝක් සිටි පිලේ සහාය පුහුණුකරු මෙහ්ඩි බලූචිගේ ගෙලින් අල්ලන ආකාරය වීඩියෝ පටවලින් පැහැදිලි වී ඇති බවත් වාර්තා වේ. මෙසීට පනවනු ලැබූ දඩ මුදල මෙතෙක් තහවුරු වී නැති බව ද වාර්තා වේ. එම තරගය ගෝල් 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වී ඇති අතර, තරගයෙන් පසුව මෙසී සහ නිව්යෝක් සිටි පිලේ සහාය පුහුණුකරු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වීමෙන් පසුව ඔහු මේ නීති විරෝධී ක්‍රියාව සිදු කර ඇතැයි වාර්තා වේ.
ෆවුස් මොහොමඩ්