2
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 146 වැනි වරට පැවැත්වෙන ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්රිකට් තරගය ලබන මස 6,7 සහ 8 දිනවල කොළඹ එස්එස්සී ක්රීඩාංගණයේදී පැවැත්වේ.
මෙරට අංක එකේ සන්නිවේදන සම්පාදකයා සහ මෙරට පාසල් ක්රිකට් ක්රීඩාව සමඟ නිබඳව රැඳෙන අනුග්රාහකයකු වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. විසින් මෙවර ද මේ ඓතිහාසික සටන බලගන්වනු ලබයි. යොවුන් දක්ෂතා පෝෂණය කිරීම සහ ක්රිකට් ක්රීඩාවේ මීළඟ පරම්පරාවේ විශිෂ්ටයන් පෝෂණය කිරීම සඳහා නිබඳව කැපවන එම සමාගමේ එකතුව, නිල් මහ සටනේ උරුමය පෙර නොවූ විරූ ලෙස ශක්තිමත්ව රැඳී පවතින බවට සහතිකයකි.
මෙවර තරගයේදී රාජකීය පිල රමිරු පෙරේරා විසින් ද සාන්ත තෝමස් පිල කවිඳු ඩයස් විසින් ද මෙහෙයවනු ලබති.