5
අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ඩොලර් ආදායම් ලබන්නන් සහ විදේශ ආදායම් ලබන්නන් සඳහා පනවා ඇති බදු ක්‍රමය අනිවාර්යයෙන්ම සමාලෝචනය කළ යුතු බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ඩොලර් ආදායම් ලබන්නන් සහ විදේශ ආදායම් ලබන්නන් සඳහා 15%ක බදු පැනවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“මේ බදු ක්‍රමයේ හානියක් තියෙනවා. ආණ්ඩුවට ආදායමක් තියෙනවා වගේම බද්ද වදින අයට පීඩනයක් තියෙනවා. තාක්ෂණික සේවා සපයන අයට ආදායම ලැබෙන්නේ ඩොලර්වලින් නම්, ඒ ආදායම මත පැනවෙන බදු පීඩනය වැඩි නම්, ඒ ආදායම ලංකාවට ගේන්නෙ නැතුව පිටරටම රඳවන්න ඔවුන්ට පුළුවන්. මේ පෙලඹුම දෙන්න හොඳ නෑ.
මේ පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. ලංකාවට ඒ ආදායම ගෙනල්ලා ප්‍රකාශයට පත් කිරීම මත ඔවුන්ට ලැබෙන වාසි තියෙන්න ඕනෙ.
බදු ගෙවන පුද්ගලයා පෙලඹෙනවා නම් ආදායම පිටරට තියන්න අපි බදු ගහන එකේ තේරුමක් නෑ. ඒ නිසා මේ බදු ක්‍රමය අනිවාර්යයෙන්ම සමාලෝචනය කළ යුතුයි. බදු ප්‍රතිපත්තියට බදු ගැහුවාට සේවාවෙන් සේවාවට වෙනස් වෙන්න පුළුවන්. ආදායම පිළිබඳ දැනටමත් අනාවරණය නොකරන බොහෝ පිරිසක් ඉන්නවා. මම කියන්නේ නෑ, හැමෝම එහෙමයි කියලා. ඒ අය ආර්ථික ක්‍රියාවලියට එක් කර ගත යුතුයි. මල නොතලා රොන් ගන්නා සේ මේ බදු ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි. මේ නව බද්ද නිසා අන්තර්ජාලය හරහා ඩොලර් උපදවන පුද්ගලයන් මෙරටට ඩොලර් ගෙන ඒම අධෛර්යයට පත්විය හැකි නිසා එය සිදු නොවිය යුතුයි.”
නෙරංජලා වික්‍රමසිංහ