2
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී ජනාධිපති උපදේශකවරුන් ඇතුළුව 67 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය පත් කරගෙන සිටි බව අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසීය.
අය-වැය තෙවැනි වර කියවීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
රනිල් වික්‍රමසිංහ හරි හොඳයි කියලා හැමෝම කීවා. රනිල් ජනාධිපතිවරයාට උපදේශකවරුන් 39ක් හිටියා. උපදේශකවරුන් හිටියාට කමක් නැහැ. මොකද ජනාධිපතිවරයා හැම විෂයක්ම නොදන්නා නිසා. මොකද තමන් නොදන්නා විෂයක් දැන ගන්න කවුරු හරි ඉන්න එකයි 39ක් තියාගෙන ඉන්නවා කියන එකයි අතර ලොකු වෙනසක් තිබෙනවා. 39ක් කියන්නේ රනිල් ජනාධිපතිවරයා මොකුත් දන්නේ නෑ කියන එක. ඒ කියන්නේ ආසියාවේ ලොකු මොළයක් කියන්න බැහැ.
රනිල් මහතා ඔහුගේ කාලයේදී පමණක් බලපවත්වන ජනාධිපති උපදේශකවරුන් ඇතුළුව 67ක් කාර්ය මණ්ඩලය පත් කරගෙන සිටියා. ඔවුන්ට දැරූ මුදල් ගැන අපි බලමු. භාවිත කළ වාහන ටික ජනාධිපති කාර්යාලයට අපි ගත්තා. මාර්තු මාසයේ දී ඒවා අලෙවි කරනවා. සුනන්ද මද්දුම බණ්ඩාර මහතා නිසාන් කාර් එකක්. ඒක නම් කමක් නැහැ කියමුකො. සමන් රත්නප්‍රිය සිල්වා KI 3159 මිට්ෂුබිෂි මොන්ටරෝ ජීප්, කොඩිතුවක්කු මහතා ලෑන්ඩ් රෝවර් ජීප්, දයාරත්න මහතා මිට්ෂුබිෂි මොන්ටරෝ ජීප්, රන්ජිත් කීර්ති තෙන්නකෝන් මහතා (අධ්‍යක්ෂ ජනරාල් ප්‍රජා කටයුතු) ලෑන්ඩ් කෲෂර්, පී. හැරිසන් (ප්‍රධාන සම්බන්ධීකාරක ඉඩම් හිමිකම් වැඩසටහන). සාමාන්‍යයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කළ හැකි දේවලට තමයි මෙහෙම පත් කිරීම් සිදු කරගෙන තිබෙන්නේ. රෝසි සේනානායක මහත්මිය (ජනාධිපති උපදේශක පළාත් පාලන) පෝෂේ වාහනය. සමන් කුමාර අතාවුදහෙට්ටි මැස්ඩා එකක්. ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු කටයුතු ආශු මාරසිංහ ටොයෝටා ලෑන්ඩ් කෲසර්. රනිල් මහතා පාර්ලිමේන්තු එනකොට ආශු මහතා ඉස්කෝලේ යනවා ඇති. එහෙම එකේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක තනතුරක් දෙන්නේ මොකටද. වඩිවේල් සුරේෂ් මහතා (ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කඳුරට ජනතාව ශ්‍රී ලංකා සමාජකරණයට ඒකීයකරණය කිරීම) ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් එකක්. අකිල විරාජ් කාරියවසම් මහතා (ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමධ්‍යගත පරිපාලන) ටොයෝටා ලෑන්ඩ් කෲසර්. සාගල රත්නායක (කාර්ය මණ්ඩල ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජාතික ආරක්ෂාව) ටොයෝටා ලෑන්ඩ් කෲසර් එකක්. මේ අය සඳහා වාහනවලට අමතරව වැය ශීර්ෂයකුත් තිබෙනවා. බටගොඩ මහතා රුපියල් ලක්ෂ 26යි. ඒක නම් එතරම් ගැටලුවක් නැහැ. සාගල රත්නායක මහතා රුපියල් මිලියන 7.4ක් ගෙවීම් ලබාගෙන තිබෙනවා. මද්දුම බණ්ඩාර රුපියල් ලක්ෂ 43ක් ලබාගෙන තිබෙනවා. සමස්තයක් ලෙස රුපියල් මිලියන 59ක වියදම් දරා තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා උපදේශකවරුන් ගණන 3යි. වියදම් බිංදුවයි. අන්න එහෙමයි රටේ ජනතාවගේ මුදල් ආරක්ෂා කරන්නේ. අපේ වැටුප එන්නේ අපේ ගිණුමට. අපි ස්වේච්ඡාවෙන් ඒක පොදු අරමුදලට යොදනවා. අපේ පෞද්ගලික වැටුප් අපි පෞද්ගලිකව භාවිත කරන්නේ නැහැ. මොකද අපි වගේම ව්‍යාපාරය නඩත්තු කිරීමට උදේ සවස බයිසිකල් පදින, වැස්සේ තෙමෙන සහෝදර සහෝදරියන් සිටිනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය වන්නේ 2024 වසරේදී රුපියල් මිලියන 630යි. 2025 වසර සඳහා මිලියන 350යි. රුපියල් මිලියන 350ක ඉතිරියක් කර තිබෙනවා. ඉන්ධන සඳහා මීට පෙර මිලියන 3යි. ප්‍රභූ නිල රථ අඩු කිරීම නිසා දැන් ලක්ෂ 3යි. වෙඩි නොවදින රථ රක්ෂණයට ඉතිරිය රුපියල් මිලියන 37ක්ම කළ හැකි වුණා. පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 65යි. නමුත් එතුමිය භාවිත කරන්නේ 7යි. ඇයගේ පෞද්ගලික මාධ්‍ය අංශයට සේවක සංඛ්‍යාව 47ක් අනුමතයි. හැබැයි ඇය භාවිත කරන්නේ 10යි. එහෙම තමයි අපි ජනතාවගේ මුදල් පරෙස්සමින් භාවිත කරන්නේ. අගමැති කාර්යාලයේ ඉන්ධන වියදම් ඉතිරිය රුපියල් මිලියන 34යි. වෙඩි නොවදින රථ රක්ෂණ කපා හැරීම නිසා රුපියල් මිලියන 37යි. සංග්‍රහ කටයුතු වියදම් ඉතිරිය රුපියල් මිලියන 15යි. පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වියදම් ඉතිරිය රුපියල් මිලියන 22යි. අගමැති වෛද්‍ය ඒකකයේ වියදම් කපා හැරීම නිසා ඉතිරිය රුපියල් මිලයන 4යි. වෙඩි නොවදින රථවාහන භාවිත නොකිරීමෙන් රුපියල් මිලියන 16යි.