6
විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් අලුත් ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ කවදාද කියලා දැන ගන්න කැමති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසීය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විශාල වියදමක් වෙනවා කියලා ජන මතයක් ගොඩනැඟුවා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159ක් සිටිනවා. එක් මන්ත්‍රීවරයෙකුගේ වැටුප අවම විදියට රුපියල් ලක්ෂ 2ක් කියලා ගත්තොත් 159කට මාසයට රුපියල් මිලියන 31ක් යනවා. අවුරුද්දට රුපියල් මිලියන 381ක් වැය වෙනවා. අවුරුදු පහම බැලුවොත් රුපියල් බිලියන 1.9ක් යනවා. ඒ වැටුප පක්ෂයට දෙනවා. පක්ෂයට දෙන්නේ නැතිව ගමේ පන්සලකට හරි ජනතාවට හරි දෙන්නකෝ.