Home Politics News Room : වෙනස් විදිහකට පුළුල් පියවර ගෙන අලි මිනිස් ගැටුම් නවතනවා

News Room : වෙනස් විදිහකට පුළුල් පියවර ගෙන අලි මිනිස් ගැටුම් නවතනවා

0
0

අලි මිනිස් ගැටුම ඉතාම කෙටි කාලයකින් අවසන් කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැති ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසීය.

මේ වසරේ ජනවාරී මාසයේදී පමණක් අලි මිනිස් ගැටුම් හේතුවෙන් අලි ඇතුන් 43ක් සහ පුද්ගලයන් තිදෙනකු මිය ගොස් ඇතැයිද ඇමැතිවරයා කීවේය.

පසුගිය වසර දහය තුළ අලි ඇතුන් 3,527ක් පමණ මියගිය බවත්, එම කාලය තුළ පුද්ගලයන් 1,195ක් පමණ අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මියගිය බවත් ඇමැතිවරයා කීය. අලි සංරක්ෂණයත්, ජන ජීවිතය අලි ඇතුන් නිසා ගැටලුවට ලක්වීමත් ජාතික ගැටලුවක් බවත් මෙතෙක් අනුගමනය කළ පියවරයන්ට වඩා වෙනස් පුළුල් පියවර අනුගමනය කර මේ ගැටලුව හැකි ඉක්මනින් විසඳීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here