21
ජනාධිපතිතුමා සිදු කරන හොඳ වැඩවලට තම පක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයෙන් ඉවත්ව ගිය අයට ආරාධනා කර පොහොට්ටුව ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා (01) දඹුල්ලේදී පැවසිය.
‘ගමින් ගම’ වැඩසටහන ආරම්භ කරමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට පැමිණි නාමල් රාජපක්ෂ මහතා රංගිරි දඹුලු රජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලය භාර දඬුබැඳිරුප්පේ මහින්ද හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා එසේ ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
“ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අනෙකුත් පක්ෂවල සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡාවන් සිදු කරන බවත් පක්ෂය හැර ගිය අයට ඕනෑම අවස්ථාවක නැවත එක්ව මැතිවරණයකට සූදානම් වීමට හැකියි. මා ඉදිරියේදී පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වනවා. ජනාධිපතිවරයා ඇමැතිවරුන් මේ රටේ ජනතාවට ඇහුම්කන් දී ක්‍රියා කළ යුතුයි. රටක් වැටෙන්නට බලා සිට බලය ගැනීමේ අදහසක් තම පක්ෂයට නෑ. තුනෙන් දෙකක බලය පෙන්වා දෙමින් බලයෙන් උදම් ඇනීම නැවැත්විය යුතුයි. ජනතාවගේ අවශතා ඉල්ලීම පිළිබඳව ඇහුම්කන් දීමෙන් රටේ ප්‍රශ්න අඩු කර ගැනීමට හැකියි. වැටුණු රටක් පාලනය කරනවාට වඩා සංවර්ධනය වන රටක් පාලනය කිරීම තමන්ගේ කැමැත්තයි.”
සීගිරිය විශේෂ