4
ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකාගේ රටවල ක්‍රිකට් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ වසරේ සැප්තැම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කොට ඇත. ඒ අනුව පාකිස්තානය සහභාගි වන සියලු තරග ශ්‍රී ලංකාවේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වේ.
විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් ලෙස ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධාන වන අතර එයට ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, ඕමානය, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් 8 ක්‍රීඩා කරනු ඇත.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, ඉන්දියාව සහ පාකිස්තානය එකම කාණ්ඩයේ සිටිති. ‘ඒ’ කාණ්ඩයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය සිටින අතර, ‘බී’ කාණ්ඩයේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හා හොංකොං යන කණ්ඩායම් සිටිති.
පාකිස්තාන – ඉන්දියා අර්බුද හේතුවෙන් මේ දිනවල ක්‍රියාත්මක චැම්පියන්ස් කුසලාන තරගාවලිය ඉන්දීය කණ්ඩායමේ ඉල්ලීම අනුව දෙමුහුන් ආකෘතියක් යටතේ ඩුබායිහි ක්‍රීඩා කරන අතර, 2023දී පැවති ආසියානු කුසලාන එක්දින තරගාවලියද ශ්‍රී ලංකාවේ පැවැත්විණි.
අයිසීසී හෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් සඳහා සත්කාරක අයිතිය ඉන්දියාවට හෝ පාකිස්තානයට පිරිනමන සෑම අවස්ථාවකම, මේ තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා සහ විවාද ආරම්භ වන අතර, අවසානයේ දෙමුහුන් ආකෘතියකින් තරගාවලිය පැවැත්වේ. දෙරට අතර පවතින කැලඹිලි සහිත තත්ත්වය සැලකිල්ලට ගෙන මතභේද වළක්වා ගැනීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය දැනටමත් වෙනස් මාවතක් ගැනීමට තීරණය කොට ඇත.
ආසියානු කුසලාන චක්‍රය (2023-2031) සඳහා තරගාවලි හතරක් සැලසුම් කර තිබේ. 2025 දී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් තරග 19කින් යුත් තරගාවලියක් පැවැත්වෙන අතර, එක්දින ආකෘතියේ තරග 13කින් යුත් ආසියානු කුසලාන තරගාවලියක් 2027 දී බංග්ලාදේශයේදී පැවැත්වේ. ඉන්පසු 2029දී, පාකිස්තානයට සත්කාරකත්වය පිරිනැමූ විස්සයි20 ආකෘතියේ තවත් තරගාවලියක් පැවැත්වෙනු ඇති අතර, 2031දී, තරග 13කින් යුත් එක්දින ආකෘතියේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
ප්‍රින්ස් ගුණසේකර