18
කොටිකාවත්ත ශ්‍රී රාජසිංහ ජාතික පාසල සහ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය අතර තෙවැනි වරට සංවිධාන කළ ‘නිම්නයේ සටන’ ක්‍රිකට් තරගය පී. සාරා ඕවල් ක්‍රීඩා පිටියේදි පසුගියදා පැවැත්විණි.
කොටිකාවත්ත රාජසිංහ ජාතික පාසල එහිදී දෙවැනි වරටත් ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. රාජසිංහ විදුහල් පිලේ නායක ලෙස පසිදු මිහිරංග ද බෝමිරිය විදුහල් පිලේ නායක ලෙස රිසින් රන්මිර කටයුතු කළහ.
තරගයේ වීරයා ලෙස රුවින් චමත්ක (රාජසිංහ), හොඳම පිතිකරු ලෙස පහන් කුමාර (රාජසිංහ), හොඳම පන්දු යවන්නා ලෙස සාරංග නිර්මාල් (බෝමිරිය), හොඳම පන්දු රකින්නා ලෙස යෝෂිත නුවන්ත (රාජසිංහ) සම්මාන දිනා ගත්හ. මේ අවස්ථාවට ආරාධිතයන් ලෙස ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක, කොටිකාවත්ත ජාතික පාසලේ හිටපු විදුහල්පතිනිය එස්.එම්.ජී.ප්රියර්දශනි, රාජසිංහ විදුහලේ විදුහල්පතිනි රුවිනි සෙනෙවිරත්න, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති අසංග තිලකරත්න යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මුල්ලේරියාව – සිරිසේන ගමගේ