Home Politics News Room : ඡන්ද වේදිකාවේ කියපු විදිහට ඉන්ධන මිල අඩු කර පෙන්වන්න

News Room : ඡන්ද වේදිකාවේ කියපු විදිහට ඉන්ධන මිල අඩු කර පෙන්වන්න

0
0

මැතිවරණ ව්‍යපාරවලදී ජනතාවට පොරොන්දු වූ පරිදි ඉන්ධන මිල අඩු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුකළ හැකි බවට ජාතික ජන බලවේගයේ මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ වේදිකාවල ලබා දුන් පොරොන්දු ඉටු නොකරන්නේ කවර හේතුවක් නිසාදැයි දැනගත යුතු බවත්, එමෙන්ම පොරොන්දු වූ පරිදි තුනෙන් එකකින් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරන ලෙස ද විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) සහභාගි වෙමිනි. මුළු රටම බලශක්ති අර්බුදයකට යාම ගැන විවාදයක් පවා ඇති වූ බවත් එම තත්ත්වය ඇතිවීම සම්බන්ධයෙන් විවිධ කරුණු ඉදිරිපත් කළ අතර වඳුරෙකු නිසා විදුලි බිඳවැටීමක් සිදුවූ බව සඳහන් කිරීම තුළින් ජාත්‍යන්තරය තුළ පවා රට හාස්‍යයට ලක්වූ බව ද විපක්ෂ නායකවරයා පැවසීය. මේ හේතුවෙන් සෘජු විදේශ ආයෝජනවලට සිදුවන බලපෑම පිළිබඳව රජයට අදහසක් නොමැති බවද විපක්ෂ නායකවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

“2028 ණය නැවත ගෙවන්න නම් ආර්ථික සංවර්ධන ඉලක්කයන් කරා යා යුතුයි. මේ සියල්ල සම්පූර්ණ කරගත නොහැකි වුවහොත් බරපතළ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here