20
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි හන්ටර් කලාපයේ පැවති දේශීය ක්‍රිකට් තරගයක ඉනිමකදී කඩුලු 10ක් දවාගෙන නිව්කාසල් සිටි ක්‍රිකට් සමාජයේ 65 හැවිරිදි බ්රැඩ්ලි ඕ’ඩෙල් නව වාර්තාවක් පිහිටුවිය. මේ කඩුලු දහයට පිට පිට ලබාගත් හැට්රික් කඩුලු 3ක් ද ඇතුළත් වේ.
එම ක්‍රිකට් සමාජ ඉතිහාසයේ එවැනි දස්කමක් දැක්වූ එකම පන්දු යවන්නා බවට ඕ’ඩෙල් පත්වූ අතර, ඕවර 13.4ක් යවා ලකුණු 20කට කඩුලු 10ක් ලබා ගැනීමට සමත් වූවේය. ඔහුගේ මේ දක්ෂතා හේතුවෙන්, වෝල්සෙන්ඩ් ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේ පෙරේදා දෙවැනි දිනය වන විට ඔහුගේ කණ්ඩායම ලකුණු 74ක් ඉදිරියෙන් සිටියේය. නිව්කාසල් සිටි ක්‍රිකට් සමාජයේ ජීවිත කාලය පුරාම සාමාජිකයකු වන බ්රැඩ්ලි ඕ’ඩෙල් එහි නායකත්වය ද දරා තිබේ.
ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි දක්ෂතාවක් දක්වා ඇත්තේ තුන් වතාවක් පමණි. 1956දී මැන්චෙස්ටර්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්ත දඟ පන්දු යවන ජිම් ලේකර් ඉනිමකදී කඩුලු 10ක් දවාගත් පළමු පන්දු යවන්නා විය. අනතුරුව ඉන්දීය ක්‍රීඩක අනිල් කුම්බ්ලේ පාකිස්තානයට එරෙහිව හා නවසීලන්ත ක්‍රීඩක අජාස් පටෙල් ඉන්දියාවට එරෙහිව කඩුලු 10 බැගින් බිඳහෙළා ඇත.
ප්‍රින්ස් ගුණසේකර