Home Politics News Room : තැපැල් ඡන්ද හිමියන්ට විශේෂ දැනුම් දීමක්

News Room : තැපැල් ඡන්ද හිමියන්ට විශේෂ දැනුම් දීමක්

0
0

නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව පෙරේදා 03 දින සිට ලබන 12 දින මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

එම දිනය කිසිසේත්ම දීර්ඝ කරනු නොලබන බව නිවේදනයක් නිකුත් කරමින් පවසන කොමිසම කියා සිටින්නේ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් ලබා ගැනීම හෝ මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියට (www.elections.gov.lk ) පිවිසීමෙන් බාගක කළ හැකි බවය.

මෙම ඡන්ද විමසීමේ දී එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ඡන්දහිමියන් ලෙස ලියාපදිංචිව සිටින හා ඡන්ද වීමසීම් රාජකාරී සඳහා යෙදවීමට නියමිත සියලුම රජයේ නිලධාරීන් / සේවකයන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් / සේවකයන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්/සේවකයන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සේවකයන් සහ ත්‍රිවිධ හමුදාවන්හි පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සක්‍රීය ආරක්ෂක සේවාවල යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකාවන්, අපේක්ෂකත්වය නිසා තමාව වෙන් කරන ලද ඡන්ද පොළේ දී පෞද්ගලිකව ඡන්දය දීමට නොහැකි වන බව හෝ එසේ වීමට ඉඩ ඇති අපේක්ෂකයන් තැපැලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන බවද මැතිවරණ කොමිසම එම නිවේදනය මගින් දක්වා ඇත, තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ කාල සීමාව අවසන් වන තෙක් නොසිට නොපමාව ස්වකීය ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කරන ලෙස තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන සියලුම දෙනාගෙන් කොමිසම ඉල්ලා සිටියි.

එමෙන්ම මෙම ඡන්ද විමසීමේ දී තැපෑලෙන් ඡන්දය දීම පිණිස ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා වූ තොරතුරු 2024 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛනයෙන් නිවැරදිව ලබාගත යුතු බව ද අවධාරණය කරන මැතිවරණ කොමිෂන් සභාව සහතික කිරීමේ නිලධාරීන් විසින් සැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂා කර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව පිළිබඳව නිසැක වී සහතික කළ යුතු බවත්, සහතික කරනු ලැබූ අයදුම්පත් හැකි වහාම එම අයදුම්කරු ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම භාර නිලධාරි වෙත ලබන 12 දින හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබෙන සේ යැවිය යුතු බවත්, එම දිනය නැවත දීර්ඝ නොකරන බවත් කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියි.

නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පුර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් සියලුම සහතික කිරීමේ නිලධාරීන් වෙත කාරුණිකව දන්වා සිටින බවත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා අවසන් දෙදින තුළ දී සහතික කරන අයදුම්පත් තැපෑලට භාර දීම වෙනුවට කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනවිත් භාරදීම වඩාත් යෝග්‍ය බවද එම නිවේදනය මගින් සදහන් කරයි.
එමෙන්ම පැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍යවයා 2024 ඡන්දහිමි නාමයලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබාගැනීම සඳහා 2024 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛනය සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, සියලුම පළාත් පාලන ආයතනවල (එක් එක් පළාත් පාලන බල ප්‍රදේශයට අයත් නාමලේඛන), සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල (එක් එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් නාම ලේඛන), මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙඩි අඩවිය ඔස්සේ මාර්ග ගත ක්‍රමයට තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සම්පූර්ණ කර ගැනීම සඳහා පහසුකම් සපයා දී ඇතැයිද කොමිෂන් සභාව සදහන් කරයි. ඡන්දහිමි නාමලේඛනයේ ජාතික හැදුනුම්පත් අංකය සඳහන් නොවන අයදුම්කරුවන් ඉහත අංක 4 හි සඳහන් ස්ථානයකින් ස්වකීය ලියාපදිංචියට අදාළ තොරතුරු ලබාගෙන අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here