Home Politics News Room : බලශක්ති ව්‍යාපෘති ව්‍යාපාර ඥානයක් කරගත යුතුයි

News Room : බලශක්ති ව්‍යාපෘති ව්‍යාපාර ඥානයක් කරගත යුතුයි

0
0

බලශක්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවට ව්‍යාපාරික ඥානයක් අවශ්‍ය බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) පැවසීය.

අය – වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

රට බංකොලොත් වූ කාලයේ විදුලි බලමණ්ඩලය රුපියල් බිලියන 377ක අලාභයක් ලැබූ අතර 2024 වර්ෂය වන විට රුපියල් බිලියන 211ක ලාභයක් ලබන මට්ටමට පත් කර තිබෙනවා. එහි අලාභය රුපියල් බිලියන 177යි. ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 351ක අලාභයක් ලැබූ අතර අද වන විට රුපියල් බිලියන 115ක ලාභයක් ලබනවා. ආසියාවේ වැඩිම විදුලි බිලක් තිබෙන රටක් ලෙස ලංකාව මේ අවස්ථාවේ කටයුතු කරනවා. මූල්‍ය විනයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා, කංචන විජේසේකර, ඩී.වී. චානක මහත්වරු නිර්භීතව කළ වැඩපිළිවෙළ නිසා මූල්‍ය විනයක් ඇතිව තිබෙනවා. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තවමත් කාලය මිඩංගු කරනවා පසුගිය වසර 76ක කාලය තුළදී සිදු වූ දේවල් කියන්න. ඒ සඳහා යන වේලාව කොහොමද මේ රට ඉදිරියට ගෙන යන්නේ කියන සාකච්ඡාවට යොමු කරනවා නම් හොඳයි. එජාපය ජේ.ආර්. ජයවර්ධන මහතා එදා මහවැලි කඩිනම් ව්‍යාපාරය තුළින් සංවර්ධන කටයුතු කළා. මොරගහකන්ද මම සිටින කාලයේ කළා. උමා ඔය හැදිලා තිබෙනවා. ඉන්දියාව බලශක්තිය සම්බන්ධයෙන් ඉදිරියට යන විට අපිත් ඒ හා සමගාමීව ඉදිරියට යා යුතුයි. එල්.එන්.ජී. සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here