Home Politics News Room : විදුලිබල ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සජබ සහාය දෙනවා

News Room : විදුලිබල ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සජබ සහාය දෙනවා

0
0

විදුලිබල ක්ෂේත්‍රය තුළ සිදු කරන පරිවර්තනයන් සඳහා සමගි ජන බලවේගය ලෙස සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

එමෙන්ම විදුලිබලය නිෂ්පාදනය, බෙදාහැරීම, සම්ප්‍රේෂණය යන තුනම අතිශය වැදගත් බැවින් එම අංශ තුන කෙරෙහිම එකසේ අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මේ බව සඳහන් කළේ අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදට ඊයේ (03) එක් වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මෙසේද පැවැසිය.

විදුලිබල ක්ෂේත්‍රය ,ඛනිජ තෙල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇතිවිය යුතුයි. සමගි ජන බලවේගය ලෙස අපි පැහැදිලි ප්‍රතිපත්තියක කටයුතු කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදී අපි විදුලිබල ක්ෂේත්‍රය හා ඛනිජතෙල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක සිටිනවා. මේ රටේ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. වගකිවයුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සම්මත කරන ලද පනතටත් සංශෝධන ඉදිරිපත් කළා. අපි රට වෙනුවෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කළා. නමුත් පිළිගත්තේ නැහැ. ඒක නිසා තමයි වත්මන් රජයත් විදුලිබලය වෙනුවෙන් අලුත් පනතක් ගේනවා කියලා කිවුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here