18
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද පෙරවරු 6.30ට නේපියර්හිදී ආරම්භ වේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ සංචාරයේදී එක්දින තරග 3කට හා විස්සයි20 තරග 3කට සහභාගි වේ.
ශ්‍රී ලංකා පිලට නවක ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක්ම ඇතුළත්ව සිටින අතර, ඔවුන් නවසීලන්ත දේශගුණයට ඉක්මනින් හුරුවී ඇතැයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී චමරි අතපත්තු පැවසුවාය. ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙරහුරුවක් ලෙස මේ සංචාරය සලකන බව ඇය සඳහන් කළාය.
මේ අතර පුහුණුවේදී ආබාධයකට ලක් වීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා වේග පන්දු යවන හේලි ජෙන්සන් නවසීලන්ත සංචිතයෙන් ඉවත්ව ඇත. ඇය වෙනුවට වමත් දඟ පන්දු යවන ෆ්‍රාන් ජොනාස් පත් කර ඇති බව ප්‍රධාන පුහුණුකරු බෙන් සෝයර් ඊයේ පැවසීය. නවසීලන්තයට සොෆී ඩිවයින් නොමැති අතර, ඇමීලියා කෙර් මුම්බායි ඉන්දියන්ස් සමඟ කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටීමෙන් එක්දින තරගාවලිය මඟහැරී තිබේ.
එක්දින තරගාවලියේ දෙවැනි හා තෙවැනි තරග මේ 7 සහ 9 යන දිනවල පැවැත්වෙන අතර, විස්සයි20 තරගාවලිය 14 වැනිදා ආරම්භ වේ.